විදුහල්පති පණිවිඩය
හ/ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලය
හ/ ගෝඨයිම්බරගම විද්‍යාලය සතු මානව සම්පත්
ඉතා කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස යොදා ගනිමින්
දැනුමින් හා සාරධර්මවලින් පිරිපුන්
මානව හැගුමින් යුක්ත
ගුණ දහමින් සුපෝෂිත නිරිමාණශීලී දරුපරපුරක්
රටට දායාද කිරීමට දරුවන් දෙමාපියන් හා ගුරුවරුන්
මනා කළමනාකරණයකින් මෙහෙයවීම මාගේ අරමුණයි.
එම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී
තෘප්තිමත් දරු පරපුරක්
සතුටෙන් වැඩ කරන ගුරු මණ්ඩලයක්
ඉතා තෘප්තිමත් දෙමාපියන්ගෙන් යුත් ප්‍රජාවක් සමඟ
එක්ව වැඩ කිරීම තුලින්
තෘප්තිමත් වෘත්තීය ජීවිතයක්
මාගේ එකම අරමුණයි
විදුහල්පති,
හ/ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලය
