ඩෙංගු වලින් තොර හොඳම පාසල
අප පාසල 2018 වර්ෂයේ හා 2019 වර්ෂයන්හි ඩෙංගු වලින් තොර හොඳම පාසල තේරීමෙන් තෙවන ස්ථානය ලබාගෙන ඇත.
ඩෙංගු රෝගය යනු ඉතා දරුණු වෛරසයක් මඟින් හට ගන්නා රෝගයකි. මෙම රෝගයේ වාහකයා ලෙස ක්‍රියාකරන්නේ මදුරුවාය. ඩෙංගු ආසාදනය නිසා ඇතිවන රෝග තත්ත්ව ඉතා විශාල පරාසයක් තුළ විහිදෙන අතර සමහර පුද්ගලයන්ට රෝග ලක්ෂණ පෙන්වන අතර ඇතමුන්ට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වයි. මෙම රෝග තත්ත්වය නිසා වෛරස් උණ, ඩෙංගු රක්තපාතය වැනි අසමාන රෝග ලක්ෂණ පෙන්වයි. මෙම ඩෙංගු වෛරසය පැතිරිම වැළැක්වීමට අප පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ද පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද බොහෝ ඇප කැප වී කටයුතු කළහ. පාසලේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකියැයි සිතන ස්ථාන හදුනා ගෙන ඒයට අදාළ පිළියම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් යෙදූහ. ඒපමණක් නොව පාසල ඉතාමත් පිරිසිදුව තබා ගැනීමට විදුහල්පතිතුමා මහත් සේ කැප වූයේය. අප පාසලේ කෘෂිකර්මය විෂය උගන්වන ගුරුතුමිය ද, ඩෙංගු මර්ධන කමිටුව භාර ගුරුතුමා ද දැඩි සේ මෙම උවදුර දුරලීමට වෑයම් කරන ලදී. අප පාසලේ සියලු දෙනාගේ උත්සාහය, කැපවීම මත දකුණු පළාතේ ඇති බොහෝ පාසල් අතරින්, හොද ම පාසල තේරිමේ තරඟයෙන් තුන් වන ස්ථානය අප පාසලට හිමි විය.