සිංහල සාහිත්‍ය සංගමය

සාහිත්‍ය සංගමය

පුද්ගලයාට සාහිත්‍ය රසවින්දනය ලබා ගත හැකි මාධ්‍යන් විවිධාකාරයෙන්  තිබේ. ඉන් ඒක් මාධ්‍යක් ලෙස සාහිත්‍ය සංගම් දැක්විය හැකිය. පාසල් සාහිත්‍ය සංගමය යනු භාෂාමය හැකියාව, රසවින්දන හැකියාව, වැඩි දියුණු කරන විෂය සමගාමි ක්‍රියාකාරකමකි. ශිෂ්‍යන්ගේ සැඟවුනු දක්ෂතා ඒළි දැක්විමට, හදුනා ගැනීමට හා  වර්ධනය කර ගැනිමට, පාසල් සහිත්‍ය සමිති උපකාරී වේ. සාමාන්‍යයෙන් පාසල් සහිත්‍ය සමිතිය මාසිකව පවත්වනු ලැ‌බේ. හ/‌ගෝඨයිම්බරගම කනිෂ්ඨ විද්‍යාලය වන අප පාසලේ ද, සාහිත්‍ය සමිතියක් පිහිටුවා  තිබේ. ඒමඟින් අප පාසලේ සිසුන්ගේ බොහෝ හැකියා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබී තිබේ. සිසුන්ගේ නර්තන හැකියා, ගායන හැකියා, කථන හැකියා, ඉදිරිපත් කිරිමේ හැකියා, යම් තැනකට ගොස් සංයමයෙන් හැසිරිමේ හැකියා ආදී බොහෝ ගුණාංග හැකියාවන් මෙමඟින් වර්ධනය කර  ගත හැකියි. සාහිත්‍ය සමිතියක ප්‍රධානින් දෙදෙනෙකු සිටියි. ඒනම්, සභාපතිතුමා, සභාපතිතුමිය, ලේකම්තුමා, ලේකම්තුමියයි. අප පාසලේ සාහිත්‍ය සමිතියේ ද සිසුන්ගේ ජන්දයෙන් මෙම තනතුරුවලට සුදුසු සිසුන් තෝරාපත් කර ගන්නා ලදී. සභාපතිතුමාගේ විශේෂ කාර්යයන් අතරරැස්වීම ආරම්භයේ පිළිගැනීමේ කතාව කිරීම, විශේෂාංග පෙළ ගස්වා ක්‍රමානුකූලව මෙහෙයවීම දැක ගත හැකිය. රැස්විමේ සිදුවන සියලු දේවල් සටහන් කොට වාර්ථාවක් සැකසීම ලේඛම්තුමාගේ හෝ  ලේඛම්තුමියගේ ප්‍රධාන කාර්යයයි. අප පාසලේ සාහිත්‍ය සමිතියේ ලේඛම්, සභාපති, තනතුරුවල සිටින සිසුන් ද මෙම කාර්යයන් සිදු කරයි. අපේ සාහිත්‍ය සමිතියේ දි මුලින් ම ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ආගමිකවතාවත් සිදු කරනු ලබයි. පසුව පිළිගැනීමේ කතාව සිදු කර, පසුගිය වාර සමිතියේ වාර්ථාව ලේකම්තුමා හෝ ලේකම්තුමිය විසින් ඉදිරිපත් කරන අතර ඒය සත්‍ය ද අසත්‍ය ද යන වඟ සභාවෙන් විමසයි. සභාපති විසින් සමිති දිනයට නියමිත අරමුණ පැහැදිලි කර ඉන් පසුව යෝජනා හා සාකච්ඡා වාරය ආරම්භ කරයි.පසුව විශේෂාංග වාරය ඇරඹීම සිදු කරයි. ඒහි දි අප පාසලේ 06 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් විවිධ වූ විශ්ෂාංග ඉදිරිපත් කරයි. අවසානයේ ස්තූති කතාව ඉදිරිපත් කොට අධිෂ්ඨාන ගිතය ගයා රැස්විම අවසන් කරයි. මෙම සාහිත්‍ය සමිතිය තුළින් යහපත් සිසු පරපුරක් අනාගත රටට දායාද කරයි.මෙවැනිම වු තවත් විවිධ අවස්ථාවල දි සංයමයෙන් සිටීම, නිෂ්ශබ්දව සිටිම, අවධානයෙන් සිටීම, සුදුසු අවස්ථාවල දි අත්පොළසන් දීම, නිමාවන තෙක් රැදි සිටීම ආදි සාමාජීයී ය ගුණාංග ද සාහිත්‍ය සමිතිය තුළින් වර්ධනය වේ. පාසල් සාහිත්‍ය සමිතියක ඇති අගය වටහා ගෙන ඉදිරියටත් පවත්වා ගෙන යාමට සිසුන් ලෙස අප ද කටයුතු කළ යුතු වෙමු.