ලෝක ළමා දින සැමරුම් 2022
2022 ඔක්තෝම්බර් 01 වනදාට යෙදී තිබූ ලෝ ළමා දිනය වෙනුවෙන්,අප පාසලේ ගුරු සිසු සහභාගීත්වය ඇතිව වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර පවත්වනු ලැබිණි.
සෑම දරුවෙක්ටම යහපත් අනාගතයක් යන තේමාව පෙරදැරිව මෙවර ලෝක ළමා දිනය සමරනු ලැබිණි.එදින උදෑසන කාලයේ අප පාසලේ ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ගේ ප්‍රාසාංගික දක්ෂතා එළි දැක්වීමට අවස්ථාව ලබාා දුණි. එම වැඩසටහනට 6-11 ශ්‍රේණිවල දරුවන්ගේද විශේෂාංග කිහිපයක් එක් වී තිබුණි. පාසල් මාධ්‍ය ඒකකය මඟින මෙහි කටයුතු මෙහෙයවන ලදි.
එදින සවස් කාලය 6-11 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ක්‍රිකට් තරඟාවලි පැවැත්විණි.සිසුහු මහත් උනන්දුවෙන්,උද්යෝගයෙන් ළමා දින සැමරුම් සඳහා එක් වූහ.පාසලේ ගමරු මව් පියවරුන්ගේ දායකත්වයෙන් සියලුම සිසුන් සඳහා එදින අයිස්ක්‍රීම් ලබාදීම සිදුවිය.