- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
Announcement
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
අඩු ආදායම්ලාභී දරුවන්ට වියළි ආහාර ලබාදීමේ වැඩසටහන
අඩු ආදායම්ලාභී දරුවන්ට වියළි ආහාර ලබාදීමේ වැඩසටහන
අප පාසලේ අඩු ආදායම්ලාභී දරුවන් දස දෙනෙකු තෝරා වියළි ආහාර සහිත බඩු මල්ලක් ලබා දීමේ වැඩසටහන පසුගිය ඹක්තෝම්බර් 13 වනදා පැවැත්විණ.මේ සඳහා විද්‍යාලීය විදුහල්පතිතුමාගේ සම්බන්ධීකරණයෙන් කට්ටකඩුව ප්‍රදේශයේ වෙසෙන එල්.ප්‍රේමසිරි මහතා හා එම දරු පිරිස දායකත්වය දක්වන ලදි. එල්.ජී.මැගිලින් මාතාවට පිං පිණිසය.
අධික ආර්ථික අපහසුතාවයන් සහිත මෙම කාල පරිච්ඡේදයේදී සිදුවූ මෙම මහඟු කටයුත්ත සඳහා ගෝඨයිම්බරගම ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේද සහභාගී වූහ.වැඩසටහනෙන් පසු දූ දරුවන් සඳහා අනුශාසනාවක්ද උන්වහන්සේ පැවැත් වූහ.
Administrator News & Highlights 0 -
ලෝක ගුරු දිනය 2022
ලෝක ගුරු දිනය 2022
ලෝක ගුරුදිනය නිමිති කරගෙන දරුවන් වෙනුවෙන් මනෝවිද්‍යා උපදේශන වැඩසටහක් පැවැත්වූයේ 2022-10-06 වනදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදීය.එහි සම්පත් දායකත්වය දැරුවේ තංගල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ මනෝවිද්‍යා උපදේශකවරියක් වන සුමුදු වර්ණකුලසූරිය මහත්මිය විසිනි.
කොරෝනා වසංගතයෙන් පසු විදයාලයේ දරුවන් වෙනුවෙන් මෙබඳු වැඩසටහනක් සංවිධානය කිරීමට ලැබුණේ බොහෝ කාලයකට පසුවය.දරුවන්ගේ දැනුම ,ආකල්ප හා කුසලතා මින් වර්ධනය වූ අතර සිය ආරක්ෂාව සම්බන්ධ මහඟු උපදේශයන් රාශියක් දරුවන්ට ලැබුණි.
ඉා උදියෝගයෙන් 6-11 ශ්‍රේණිවල දරුන් මෙම වැඩසටහන හා සම්බන්ධ කරගැනීමට සුමුදු මහත්මියගේ දේශන විලාසයද බලපෑ බව කිවයුතුමය.එදිනම පස්වරුවේ දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන්ද මෙබඳු වටිනා උපදේශාත්මක වැඩසටහනක් පැවැත්විණ.
ගුරු දිනය වෙනුවෙන් දරුවන්ගේ උපහාර
2022 ලෝක ගුරු දිනය නිමිති කරගෙන අප විද්‍යාලයේ දරුවන් විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.එය 2022-10-07 වනදා පැවැත්විණි.ගුරු සිසු දෙපිරිසටම සතුටු විය හැකි අයුරින් ගුරුවරුන් සඳහා විනෝදාස්මක ක්‍රීඩා සංවිධානය කර තිබුණි.දරුවන්ගේ ප්‍රාසාංගික දක්ෂතා ඒ අනුව ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව දරුවන් විසින් සැකසූ සුභ පැතුම්පත් ලබාදීම,ගුරු මව් පියවරුන්ට වන්දනාමන කිරීම සිදු විය.මෙම සියලු වැඩසටහන් දරුවන් විසින්ම සංවිධානය කර තිබීම ඇගයිය යුත්තකි.
Administrator News & Highlights 0 -
ලෝක ළමා දින සැමරුම් 2022
ලෝක ළමා දින සැමරුම් 2022
2022 ඔක්තෝම්බර් 01 වනදාට යෙදී තිබූ ලෝ ළමා දිනය වෙනුවෙන්,අප පාසලේ ගුරු සිසු සහභාගීත්වය ඇතිව වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර පවත්වනු ලැබිණි.
සෑම දරුවෙක්ටම යහපත් අනාගතයක් යන තේමාව පෙරදැරිව මෙවර ලෝක ළමා දිනය සමරනු ලැබිණි.එදින උදෑසන කාලයේ අප පාසලේ ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ගේ ප්‍රාසාංගික දක්ෂතා එළි දැක්වීමට අවස්ථාව ලබාා දුණි. එම වැඩසටහනට 6-11 ශ්‍රේණිවල දරුවන්ගේද විශේෂාංග කිහිපයක් එක් වී තිබුණි. පාසල් මාධ්‍ය ඒකකය මඟින මෙහි කටයුතු මෙහෙයවන ලදි.
එදින සවස් කාලය 6-11 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ක්‍රිකට් තරඟාවලි පැවැත්විණි.සිසුහු මහත් උනන්දුවෙන්,උද්යෝගයෙන් ළමා දින සැමරුම් සඳහා එක් වූහ.පාසලේ ගමරු මව් පියවරුන්ගේ දායකත්වයෙන් සියලුම සිසුන් සඳහා එදින අයිස්ක්‍රීම් ලබාදීම සිදුවිය.
Super user 1 Academic News 0