ලෝක ගුරු දිනය 2022
ලෝක ගුරුදිනය නිමිති කරගෙන දරුවන් වෙනුවෙන් මනෝවිද්‍යා උපදේශන වැඩසටහක් පැවැත්වූයේ 2022-10-06 වනදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදීය.එහි සම්පත් දායකත්වය දැරුවේ තංගල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ මනෝවිද්‍යා උපදේශකවරියක් වන සුමුදු වර්ණකුලසූරිය මහත්මිය විසිනි.
කොරෝනා වසංගතයෙන් පසු විදයාලයේ දරුවන් වෙනුවෙන් මෙබඳු වැඩසටහනක් සංවිධානය කිරීමට ලැබුණේ බොහෝ කාලයකට පසුවය.දරුවන්ගේ දැනුම ,ආකල්ප හා කුසලතා මින් වර්ධනය වූ අතර සිය ආරක්ෂාව සම්බන්ධ මහඟු උපදේශයන් රාශියක් දරුවන්ට ලැබුණි.
ඉා උදියෝගයෙන් 6-11 ශ්‍රේණිවල දරුන් මෙම වැඩසටහන හා සම්බන්ධ කරගැනීමට සුමුදු මහත්මියගේ දේශන විලාසයද බලපෑ බව කිවයුතුමය.එදිනම පස්වරුවේ දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන්ද මෙබඳු වටිනා උපදේශාත්මක වැඩසටහනක් පැවැත්විණ.
ගුරු දිනය වෙනුවෙන් දරුවන්ගේ උපහාර
2022 ලෝක ගුරු දිනය නිමිති කරගෙන අප විද්‍යාලයේ දරුවන් විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.එය 2022-10-07 වනදා පැවැත්විණි.ගුරු සිසු දෙපිරිසටම සතුටු විය හැකි අයුරින් ගුරුවරුන් සඳහා විනෝදාස්මක ක්‍රීඩා සංවිධානය කර තිබුණි.දරුවන්ගේ ප්‍රාසාංගික දක්ෂතා ඒ අනුව ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව දරුවන් විසින් සැකසූ සුභ පැතුම්පත් ලබාදීම,ගුරු මව් පියවරුන්ට වන්දනාමන කිරීම සිදු විය.මෙම සියලු වැඩසටහන් දරුවන් විසින්ම සංවිධානය කර තිබීම ඇගයිය යුත්තකි.
